Sonduru Paramee
මම නැවතත් දෙතොල්පට දිවඟ උණුසුමින් තෙත් කර ගත්තෙමි. කරදිය සුළඟ වැදී තැවරුණු ලුණු රසය පමණක් මගේ දිවට දැනුණි. වීදුරුව වෙතටම බරවූ හිසින් එය හිස් කරමින් සිටි කෙවින්, හිස ඉහළට ඔසවා සියල්ල බී අවසන් කළේය. “අපි යමු.” සිය සාක්කුවෙන් ඇද ගත් මුදලක් මේසය මත තබමින් කෙවින් නැගී සිටියේය. “අනේ කෙවින්......” මම ඔහු ඉදිරියට පැමිණ දෑතින්ම ඔහුගේ අතක් අල්ලා ගත්තෙමි. “අපි යමු ඩිලී.” දෙඅත් හකුළා ගත් මම ඔහු පසුපසින් වෑන් රථය වෙත පියවර මැන්නෙමි. මාවත අද්දර වෙරළ වැසි සුළගේ කැළඹී දිය රළ පොළොවේ ගසමින් හඬ නැඟුවේය. අඳුරෙන් වැසුණු අහස ඉරා සයුරින් විදුලි රේඛා ඉහළට ඇදෙමින් තිබුණි. තව මොහොතකින් කඩා වැටෙන්නට ආසන්න වූ වැස්ස මුළු රාත්‍රියම ගිල ගන්නා බව මම දැන සිටියෙමි. මා වෙත දොරටුව විවර කළ ඔහු, රියදුරු අසුන වෙත ගොස් හිඳ ගත්තේය. වෑන් රථයට ගොඩවූ මම ඔහුගේ වත දෙස නිහඬව බලා සිටියෙමි. “ඔයා බැඳපු ගෑනියෙක් නේද ....? ඔච්චර දෙයක් තේරෙන්නේ නැද්ද...?” එක විටම විදුලියක් හා එක් වුණු අකුණු සැරක් අහසේ පුපුරා ගියේය. මම දෝතින් කන් වසා ගත්තෙමි. හඬ නංවමින් රථයේ දොර වසා දැමූ ඔහු, ආපස්සට ගත් රිය වේගයෙන් කරකවා ඉදිරියට හැරෙව්වේය. මම ඔහු ...